2131231231`3

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිය අවසන් තරගය ක්‍රීඩා කළ කුමාර් සංගක්කාරට එම තරගයේදී ජයග්‍රාහි සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේන් ලකුණු 63ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමගිනි.

ලකුණු 176ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ලකුණු 112 සිමා කිරීමට රංගන හේරත් හා තරිඳු කෞෂාල් සමත්වූහ.

කෞෂාල් කඩුලු තුනක් හා හේරත් කඩුලු හතක් ලබාගත්තා.පළමු ටෙස්ට් තරඟයේ වීරයා ලෙස  දිනේෂ් චන්දිමාල් නම් කරන ලදී.