CRICKET-SRI-PAK

තරගාවලි පරාජය සමග පස්වන සහ අවසන් එක්දින තරගයට පිවිසි ශ්‍රි ලංකා පිල කාසියේ වාසිය දිනා ගනිමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයයේදි මුලින්ම පන්දුවට පහර දිමට තිරණය කලා.

ආරම්භක පිතිකරුවන් අනගි පිතිකරනයක යෙදුනු අතර සිය එක්දින දිවියේ ලකුණු 10000 සීමාව පසුකිරීමට ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සමත්විය. ඒ සඳහා ඔහු තරග 319ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු ශතක 22ක් හා අර්ධ ශතක 44ක් වාර්තා කර තිබුනා.

218675

එක්දින ලකුණු 10000සීමාව පසුකළ ලොව 11 වැනි ක්‍රීඩකයා ඩිල්ෂාන්වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ ශ්‍රි ලංකාවේ සිවුවැනි පිතිකරු ඔහු වෙයි.

මේ අතර සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අද සමත් වුනා. ඔහු ලකුණු 116ක් ලබ ගත්තා.

CRICKET-SRI-PAK
වේගවත් ඉනිමක් ක්‍රිඩා කල නායක මැතිවුස් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තා. ඔහුට අනගි සහයක් දුන් මිලින්ද සිරිවර්ධන ලකුණු 52ක් ලබා ගත්තා.

තරගය ජය ගැනීම සදහා පාකිස්ථානුවන්ට ලකුණු 369ක ඉලක්කයක් හිමිව තිබෙනවා.