sri lanka cricket

කපිල විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග අනාවරණය කරයි. කපිල විජේගුණවර්ධන ටෙස්ට් තරග දෙකකට සහභාගීවි ලකුණු 14ක් ලබා ගෙන තිබෙන අතර පන්දු යවමින් කඩුලු 7ක් ලබා ගෙන තිබේ.එක්දින තරග 26කට ක්‍රිඩා කර තිබෙන අතර ලකුණු එහිදි ලකුණු 20ක් ලබා කඩුලු 25ක් ලබාගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද මේවන විට කටයුතු කරනු ලබයි.
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා එම තනතුරින්  ඉවත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස මේවන විට සිදත් වෙත්තමුණි මහතා කටයුතු කරයි.

පසුගියදා නම් කළ එම අතුරු කමිටුවේ සාමාජිකයින් අතර  කපිල විජේගුණවර්ධන මහතාද සිටින අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ නුස්කි මොහොමඞ්, කුෂිල් ගුණසේකර, ප්‍රකාශ් ෂාෆ්ටර්, ජයනන්ද වර්ණවීර, ප්‍රසන්න ජයවර්ධන, දුමින්ද හුළංගමුව, ලුසිල් විජේවර්ධන සහ යන අයයි.

ඒ අනූව ඔහු ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන බව සඳහන්ය.

හිටපු තෙරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ තරග තොරතුරු:

(රුප මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

143111

නව තෙරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ තරග තොරතුරු:

1233`13`32`3`