police

මාස 06ක කුඩා දැරියක සැක කටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම දැරියගේ පියා සහ පුංචි අම්මා (මවගේ නැගණිය) අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ පුත්තලම – කරුවලගස්වැව 8 කණුව පදිංචිව සිටි හිරුනි මධුමාලි (මාස 06)  දැරියකි.

මියගොස් ඇති දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී සිටී.

දැරිය සිට ඇත්තේ මවගේ නැගණිය බාරයේ බව කියයි.

ඇය දැරියගේ පියා සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.

පසුගිය 04 වැනිදා පෙරවරු 8.00 ට පමණ දැරිය හදිසියේ රෝගී වීම හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එදිනම පෙරවරු 8.30 වන විට ඇය මිය ගොස් ඇත.

පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා  රෝහලට යවා තිබේ.

හලාවත විශේෂඥ අධිකරණ ව්‍යෛ නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් 06 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ හිසේ තිබෙන තැළුම් තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවය.

ඒ අනුව සැක පිට දැරියගේ පියා සහ ඔහුගේ අනියම් බිරිඳ  බව කියන දැරියගේ මවගේ නැගණිය (පුංචි අම්මා) කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මාස 06ක කුඩා දරුවෙක් සිටින මවක් විදේශ ගත වී ඇති ආකාරය සම්බන්ධයෙන්ද පොලීසියේ අවදානය යොමුවී තිබේ.