රණවිරුවනි , අපේ හදවතේ පළමු තැන ඔබටයි යන තේමාව යටතේ ශ්‍රී එෆ්.එම් නාලිකාව අපට නිදහස ලබා දුන් රණවිරුවන්ට ආදරය රැගෙන 2015 මාර්තු 15 වනදා,ඉරිදා රාගම රණවිරු සෙවනට ගොස් තිබුනා. එහි ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවු ශ්‍රී එෆ්.එම් පිරිස ඒ රණවිරුවන්ගේ දරුවන්ටත් බිරින්දෑවරුන්ටත් ලබාදීම සදහා ත්‍යාගයන් රණවිරුවන්ගේ අතටම ලබා දුන්නා. අනතුරුව දිවා ආහාරය පිරිනමා ඉන් අනතුරුව ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වණු සංගීත ප්‍රසංගයක්ද රණවිරුවන් වෙනුවෙන් පවත්වනු ලැබුවා. මේ අවස්ථාවට රාගම යුධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නියොජ්‍ය  සේනාවිධායක කර්නල් සමන් තිලකරත්න මහතා , අණදෙන නිලධාරිනී ලූතිනන් කර්නල් ලක්මිණී රණසිංහ මහත්මිය ශ්‍රී එෆ්.එම් සහාය වැඩසටහන් අධ්‍යක‍ෂ චතුර විජේරත්න මහතා ප්‍රවර්ධන අංශ ප්‍රධානී ජයන්ත පෙරේරා මහතා , අලෙවි සහාය අධ්‍යක‍ෂ කිෂෝර් විතානච්චි මහතා ජනසරණ සම්බන්ධිකරණ ලේකම් චතුර විජේරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව  සිටියා.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

DSC_0236 DSC_0257 DSC_0279 DSC_0295 DSC_0362 DSC_0382 DSC_0386 DSC_0392 DSC_0401 DSC_0406 DSC_0407 DSC_0448 DSC_0456 DSC_0495 DSC_0512 DSC_0517 DSC_0521 DSC_0540