delhi_rape_1355724187_540x540

ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ගඟ ඉහළ කෝරලේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවන්ගේ චරිතය පිරික්‌සීම සඳහා කාමරයකට රැගෙන ගොස්‌ ඔවුන් සිප වැළඳ ගත් විදුහල්පතිවරයා ගම්පොල කලාපයෙන් පිට කලාපයකට මාරු කර හැරීමට ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා කටයුතු යොදා ඇත.

මෙම පාසල තුළ විදුහල්පතිවරයා හා ඔහුගේ බිරිඳද සේවය කොට ඇති අතර ඇයද පාසලෙන් මාරුකර යෑවීමට පියවර ගෙන ඇත.

මෙම විදුහල්පතිවරයා පාසලේ 8 වසර 9 වසර හා 11 වසර පංතිවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් වරින් වර මෙම කාමරයට රැගෙන ගොස්‌ සිප වැළඳගෙන ඇත. එයින් එම ශිෂ්‍යාවන්ගෙන් සිවු දෙනකු පාසලේ හිතවත් ගුරුවරියන් හට මේ බව පවසා ඇත.

ඒ අනුව ගුරුවරුන් විසින් මෙම සිද්ධිය ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කොට ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ පාසලට ගොස්‌ පරීක්‌ෂණ පවත්වා ඇති අතර එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ මෙම ශිෂ්‍යාවන්ගේ චරිතය හොඳද නැද්ද කියා බලන්න එසේ සිදු කළ බවයි.

පාසලේ ශිෂ්‍යාවන්ගේ විනය හා චරිතය බැලීමට වෙනත් ක්‍රම තිබියදී කාමරයකට රැගෙන ගොස්‌ පිරිමි අයකු මෙවැනි පහත් ක්‍රියාවක්‌ සිදු කිරීම බරපතළ වරදක්‌ බව එම කණ්‌ඩායම පවසා ඇත.