CRICKET-WC-2015-RSA-SRI

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරනු ලැබූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු පහක පරජයක් ලැබීය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පන්දුවාර 44.4කදී කඩුලු හතකට ලකුණු 279ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයට වර්ෂාවෙන් බාධා වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටවීය. තිලකරත්න ඩිල්ෂාන් ශතයක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

දකුණු අප්‍රිකා කණාඩායමට පන්දුවාර 25කදී ලකුණු 188ක ඉලක්කයක් හිමිවූ අතර එය කඩුලු පහක් පමණක් වැය කර පසුකර යාමට ඔවුහු සමත්වූහ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් අම්ලා හා කොක් පළමු කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් ගොඩනැගූහ.

මෙම තරගයේදී ලසිත් මාලිංග නැවතත් පිටියට පිවිසියේය. ඔහු එක් කඩුල්ලක් දවා ගැනිමටත් සමත් විය.