Namal Udugama 2

ඊයේ රාත‍්‍රියේ සිට විවිධ වෙබ් අඩවි සහ එස්.එම්.එස්. පණිවුඩ මගින් ප්‍රචාරය කර තිබුනේ රෝහල් ගතව සිටින ගායක නාමල් උඩුගම මහතා මියගොස් ඇති බවයි. නමුත් එය අසත්‍යක් බව මේ වනවිට වාර්ථාවී තිබෙනවා. දින 12ක් පමණ රොහල් ගතව ප්‍රතිකාර ලබා ගත් නාමල් මීට දින තුනකට පමණ පෙර නිවසට නැවත පැමින තිබෙන බවද සදහන්. කෙසේ වෙතත් අක්මාවේ රෝගී තත්වයකින් පෙලෙන ආදරණිය ගායක නාමල් උඩුගම වෙනුවෙන් ඉදිරියේදි සැත්කමක් කිරිමට නියමිත බවයි සදහන් වන්නේ. ඒ සදහා ඒ පොසිටිව් වර්ගයේ ලේ සහිත පුද්ගලයෙකුගේ අක්මා කොටසක් අවශ්‍යවන බවත් ඒය ලබාදිමට කැමති පරිත්‍යාගශිලියෙකු සිටි නම් පහත දුරකථන අංක වලට අමතන ලෙසත් අපි කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු.
0777281513
0773936555
අපගේ ආදරණිය කලාකරුවාට ඉක්මන් සුව පතමු.

පසුගිය කාලය පුරා පුවත් වෙබ් අඩවි සහ ෆේස් බුක් පිටු ආකාරයට පැතිර ගිය මේ ව්‍යාජ පුවත් අඩවි කිසිදු සොයා බැලිමකින් තොරව පුවත් පල කිරිම මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ කෙලසිමකි.නිසි අයිතිකරුවෙකු පවා නොමැති මේ පුවත් මවන බිල්ලන් විසින් නාමල් ඇතුලු ඔහුගේ පවුලේ අය අද මෙලෙස දැඩි අපහසුතාවයට පත් කලා සේම හෙට දිනයේදි තවත් අයෙකු තම අඩවියේ ජනප්‍රියත්වය උදෙසා බිල්ලට ගනු ඇත.මේවැනි පුවත් වාර්තා කිරිමේදි අගතියට පත් පාර්ශවය විමසිමට තරම් සාදාචාරයක් මේ අඩවි මෙහෙයවන්නන්ට නොමැති විම කණගාටුවට කරුණකි.මේ වැනි කිසිදු පිලිගත හැකි සාක්ෂි නොමැතිව හුදෙක් තමන්ගේ පුද්ගලික අරමුණු සදහා මේ මාධ්‍ය භාවිතා කරන බහුතරයක් පිරිස රැකියාව සදහා වෙන කුමක් හෝ කරන මාධ්‍ය සම්බන්ධව කිසිදු දැනුමක් නොමැති අදබාලයන් බවත්,ඔවුන් මවන පුවත් ඒ සැනින් පිළිගෙන අන් අයටද බෙදා හරින ඔබද මෙවැනි සිදුවිම් වල කොටස්කරුවෙකු බවත් සදහන් කිරිමට කැමැත්තෙමි.