10896993_10152592892287555_5012344789793357612_n

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලොක කුසලානය සදහා නම් කල පිල මෙලෙස එලි දක්වා තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න (උප-නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග (යෝග්‍යතාවට යටත්ව), ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්‍ර සේනානායක. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (07දා) නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පියවර දෙකක් පසුබැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු සිදුකළ ගණනය කිරීම් අනුව පස්වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි ස්ථානය දක්වා පහතට වැටී ඇත.

කෙසේ නමුත් මෙහි පළමු ස්ථාන හතරෙහි වෙනසක් සිදුව නොමැති අතර, එම ස්ථානයන්හි පිළිවෙළින් දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා පාකිස්තානය පසුවෙයි. ඊට අමතරව ශ්‍රී ලංකාව පරාජය කර තරගාවලිය ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම හත්වැනි ස්ථානයේ සිට නව ශ්‍රේණිගත කිරීම් අනුව පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

මීට අමතරව ටෙස්ට් පිතිකරුවන් අතර අංක එකෙහි පසු වූ කුමාර් සංගක්කාරද නැවත වතාවක් අංක 2 දක්වා පසුබැස ඇත. නවසීලන්තයට එරෙහි තරගාවලියේදී ඔහු ද්විත්ව ශතකයක් (203) වාර්තා කළද සංගක්කාර සමස්ත තරගාවලිය තුළ රැස්කරනු ලැබූවේ ලකුණු 215 (1, 6, 203, 5) ක් පමණි. මෙහි පෙරමුණ දකුණු අප්‍රිකාවේ ඒ.බි. ඩිවිලියර්ස්ට හිමිව ඇති අතර, ඔහු නිමාවූ බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා හේතුවෙන් ඉදිරියට පැමිණීමට හේතුවී ඇත. ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර, පසුගියවර ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවූ රංගන හේරත් නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව තුන්වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

 Lasith Malinga has been included in Sri Lanka’s World Cup fifteen subject to fitness. Sri Lanka named an almost identical squad to the one that will play an ODI series in New Zealand later this month – the exception is fast bowler Shaminda Eranga, who has been left out.

Squad: Angelo Mathews (capt), Tillakaratne Dilshan, Kumar Sangakkara, Mahela Jayawardene, Lahiru Thirimanne (vice-capt), Dinesh Chandimal, Dimuth Karunaratne, Jeevan Mendis, Thisara Perera, Suranga Lakmal, Lasith Malinga (subject to fitness), Dhammika Prasad, Nuwan Kulasekara, Rangana Herath, Sachithra Senanayake