ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඩිෂාන් ජයසිංහ කුඩා කල සිටම ඇමරිකාවේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයෙකි. ඔහුගේ පියා සුප‍්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතායි. කැලිෆෝනියාවේ ලෝස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානය නමින් රෝහලක් පවත්වා යන ඔහු කෝටිපතියෙකි. ඩිෂාන් ඩොල්ෆින් ඇකඩමි හා ටේලර් කොලේජ් විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා පසුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු වී තිබෙනවා. මේ වන විට ඩිෂාන් ප‍්‍රයිමරි ප්‍රොවයිඩර් මැනේජ්මන්ට් නම් සමාගමක් පවත්වාගෙන යනු ලබනවා.

අනර්කලීගේ විවාහයෙන් අනතුරුව බොහෝදුරට ඇමරිකාවේ පදිංචිවන්නට ඉඩ තිබෙන අතර ඇය ලංකාවේදී සිදු කළ ඇගේ දේශපාලන වැඩ කලා වැඩ සියල්ලෙන් ඉවත්වන්නටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Anarkali Akarsha IMG_47510513168453 IMG_47518358945429 IMG_47525123814490 IMG_47528023978239 IMG_47530839229696 IMG_47533563146934 IMG_47536807301204