India-vs-Sri-Lanka

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාද්හිදී අද (09) ආරම්භවූ තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබේ. ඒ පළමු තරග දෙකට ක්‍රීඩාකළ ධම්මික ප්‍රසාද් හා සුරාජ් රන්දීව් වෙනුවට නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා කැඳවා තිබිමයි. ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ රවින්ද්‍ර ජඩේජා වෙනුවට ධවාල් කුල්කානි කැඳවා ඇත.
ඩිල්ශාන් සමගින් කුසල් ජනිත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර,පසුගිය තරගයේදී මෙන් මෙම තරගයේදීද ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භවිය. පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිද්හිනම් සහා අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්වීමට කුසල් ජනිත්ට සිදුවූ අතර, යාදව්ගේ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කුමාර් සංගක්කාරටද ලකුණු නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් ඩිල්ශාන් ලකුණු 53ක් රැස් කර ගත් අතර, තම 17වන එක්දින ශතකය වාර්තාකර ගනිමින් මහේල ලකුණු 118ක් වාර්තා කලේය.එසේම එක්දින ලකුණු 12,000ක් ලබාගත් ලොව පස්වන ක්‍රිඩකායා බවටත්, එම දස්කම කල තෙවන ශ්‍රි ලාංකිකයා බවටත් ඔහු අද පත් විය.

දෙරට අතර පැවැති පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැදීසිටිමටනම් අද තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.