blast_sand_sandblasting_blasting_abrasive

පුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග‍්‍රෑම් 95ක්, ගෙන්දගම් ග‍්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග‍්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ.

අදාළ පුපුරණද්‍රව්‍ය ළඟ තබාගැනීම සඳහා සැකකරු සතුව කිසිදු බලපත‍්‍රයක් නොතිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු අද කලංවචිකුඩි මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.