sri-lanka-vs-india

 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදබාද්හිදී  අද (06දා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේ කණ්ඩායමේ දෙකේම එක් වෙනස්වීමක් සිදුව තිබේ. ඒ පළමු තරගයට ක්‍රීඩාකළ උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමටද, වරුන් ආරෝන් වෙනුවට රවින්ද්‍ර ජඩේජා ඉන්දීය කණ්ඩායමටද ඇතුලත්ව තිබිමයි.

කුසල් ජනිත් සමගින් ඩිල්ශාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, පළමු පන්දුවාරයේදීම කුසල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට උමේෂ් යාදව් සමත්විය. මුලු ලකුණු හතරක් වනවිට එම කඩුල්ල බිඳවැටිණ. මේ අතර ඩිල්ශාන් අද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 4500 කඩඉම පසුකිරීමට සමත්විය

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 35ක් (30) රැස්කරගෙන සිටි ඩිල්ශාන් මුලු ලකුණු 55දී (පන්දුවාර 10.3) ආක්‍ෂාර් පටෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීගියේය.නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගු කුමාර් සංගක්කාර ලකුණු 61ක් රැස්කර ගත් අතර එය සංගාගේ 87වැනි එක්දින අර්ධ ශකයකයි.

නොදැවි ක්‍රිඩා කල ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92ක්ද, තම කඩුල්ල රැක ගනිමින් ලකුණු 50ක සබදතාවක් මැතිව්ස් සමග පැවැත්වු ධම්මික ප්‍රසාද් නොදැවි පන්දු 28කදි ලකුණු 30ක්ද වාර්තා කලේය.

Sri Lanka won the toss and opted to bat on what is expected to be a Motera pitch full of runs. A layer of short grass on the surface suggested there would be seam movement, but Virat Kohli said he expected the track to take turn, and would have batted first as well.

Opener Kusal Perera comes into the Sri Lanka XI in place of Upul Tharanga, who had a mediocre outing in Cuttack. India have opted to replace injured seam bowler Varun Aaron with left-arm spinning allrounder Ravindra Jadeja, giving Kohli three frontline spin-bowling options in his XI.

The weather is expected to remain good for the duration of the encounter, but dew may form after sunset.