නිවසේමෙහෙකාර සේවයට යොදවාගත් 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට ඇගේ හාම්පුතාලිංගික අතවර සිදුකරද්දී ඔහුගෙන් ආයාසයෙන් මිදුන එම දැරිය නිවසේ ළිඳට පැනදිවි නසා ගැනීමට තැත් කරද්දී අසල්වාසීන් විසින් ඉතා ආයාසයෙන් බේරාගත් බවකියන සිද්ධියක්‌ මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදීඅනාවරණය විය.

මෙම තොරතුරු අනාවරණය වූයේ මෙම සිද්ධියට අදාළ බවකියන සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූඅවස්‌ථාවේ පොලිසිය මගින් එම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේදීය.

එමපැමිණිල්ල අනුව මෙම සිද්ධියට මුහුණ දුන් දැරිය නානුඔය තේවත්තකපදිංචිකාරියකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක අට වසර පන්තියේ ඉගෙනුම ලබමින්සිටියාය. ක¹න පොලිසියේ මහතකුගේ නිවසේ අත්උදව්වට ඔවුන් මෙහෙකාරියක්‌ සොයමින්සිටියහ. මෙම දැරියගේ දෙමාපියන් ඔවුනට පැවැති ආර්ථික අහේනිය මත එම දැරියමෙහි සැකකරුගේ නිවසේ මෙහෙකාර සේවයට යවා ඇත. මෙහි සැකකරු විවාහකයකු වන අතරඔහුගේ බිරිඳ සහ දරුවා නිවසින් බැහැරව ගිය අවස්‌ථාවකදී ඔහුද කිසියම්අවශ්‍යතාවක්‌ ඇතැයි පවසා නිවසින් පිටතට ගොස්‌ තිබේ.

ඒ සමගම සැකකරුක්‍ෂණයකින් නිවසට ආපසු පැමිණ නිවසේ ඉහළ මහලයට ගොස්‌ මෙහෙකාර දැරියට තේකෝප්පයක්‌ සාදාගෙන එන්නැයි දන්වා තිබේ. මෙහෙකාර දැරිය තේ කෝප්පය රැගෙනඋඩුමහලට ගිය අවස්‌ථාවේ සැකකරු ඔහුගේ ඇඟ පිරිමදින ලෙස එම දැරියට දැන්වූ බවපැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරු විසින් දැරියව අකමැත්ත මත ස්‌පර්ශ කරතිබේ.

එම අවස්‌ථාවේ සැකකරුගේ නිවසේ දුරකථනය නාදවීම නිසා ඔහු දුරකථනඇමතුම ගැනීමට යද්දී සැකකරුගෙන් මිදුනු දැරිය වහා දිවවිත් දිවිනසා ගැනීමටළිඳට පැනීමට තැත්කර තිබේ. ඉන් අනතුරුව සැකකරු තම මෝටර් රථයෙන් මෙහෙකාරදැරිය කැඳවාගෙන යද්දී දැරිය වාහනය තුළ අඬමින් සිටින අයුරු දුටු පිරිසක්‌ එමස්‌ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන්ට ඒ බව දැනුම්දී ඇත. ඉන්අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥගොඩ්ප්‍රි කුරේ මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරු රුපියල් 10,000මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුවඅතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා නියෝග කළේය. පොලිසිය පැමිණිල්ලමෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය.වැඩිදුර විභාගය අගෝස්‌තු මස 27 වැනි දින පැවැත්වේ.