කොළඹ ජාතික රෝහලේ සිට වවුනියාව ශික්‍ෂණ රෝහල වෙත ගිලන් රථයකින් ගෙන ගිය රෝගියකුට ලබා දෙමින් තිබූ ඔක්‌සිජන් වායුව තඹුත්තේගම ප්‍රදේශයේදී අවසන්වීමෙන් හුස්‌ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිටිය රෝගියකු තඹුත්තේගම රෝහලේ සුළු සේවකයකුගේ හා තවත් පිරිසකගේ දක්‍ෂතාවය හා උනන්දුව මත බේරාගැනීමට හැකිවී තිබේ.

වහාම ක්‍රියාත්මක වී තඹුත්තේගම රෝහලේ වාට්‌ටුවක තිබූ ඔක්‌සිජන් සහිත සිලින්ඩරයක්‌ ගිලන් රථයට ලබාදීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවී ඇත. 08 වැනිදා ඉරිදා දිනයක්‌ නිසා වෛද්‍යවරුන් ඇමතුම් කාමරයේ සිට පැමිණීමට කලින් මෙම සුළු සේවකයන් ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි ලෙඩ්ඩු මෙම සුළු සේවකයාට පැසසුම් කළහ. ඒ සඳහා වවුනියා රෝහලෙන්ද ස්‌තුති කළේය.