delhi_rape_1355724187_540x540

වයස අවුරුදු හතක (7) දැරියකට ඇගේ පියා විසින් අත් පා බැඳ දිමිගොටු දමා පහර දෙමින් සිටියදී පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

 

කාක්‌කපල්ලිsය ප්‍රදේශයේ විදුහලක දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දැරියට එම පාසලේ අධ්‍යාපන කටයුත්තක පසුබෑමක්‌ හේතුවෙන් පියා විසින් මෙලෙස දඬුවම් කර ඇති බව පොලිසිය කියයි.

 

මෙම පුද්ගලයා මීට පෙරද මේ ආකාරයෙන්ම සිය දියණියට දඬුවම් කරනු දැක ඇති ප්‍රදේශවාසියකු ඒ ගැන කොළඹ ළමාරක්‍ෂක අධිකාරියට දැන්වීමෙන් පසු මාදම්පේ පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.