423452341324124

මිනිමැරුමකට සැකපිට වාරියපොල අක්කා අල්ලයි!!!!

 සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ බවට සැක පිට කාන්තාවක වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 07 වන දා රාත්‍රීයේ වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයේ නිවසක් තුළ දි එම ඝාතනය සිදුකර,පසුව මළ සිරුර නිවස අසළ වළ දමා ඇති බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් වාරියපොල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබු අතර මළ සිරුර අද දිනයේ(16) ගොඩ ගැනීමට නියමිත බවද වාර්තාවේ.
පවුල් ආරවුලක් හේතුවෙන් අදාළ කාන්තාව මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
45 හැවිරිදි සැකකාරිය වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.