stargate.lk

ධර්ම චක්‍රය සපත්තුවල… වෙළෙන්දා අල්ලයි!!!!

බලංගොඩ නගරයේ වෙළඳ සැලක අලෙවි කිරීමට තිබූ ධර්ම චක‍්‍රය සහිත පාවහන් ජෝඩු 30ක්  සමඟ පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ බස් නැවතුම්පළේ උඩු මහලේ පිහිටි වෙළදසැලක මෙම පාවහන් විකිණීම සඳහා ප‍්‍රදර්ශනයට තබා තිබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කොට තිබෙන්නේ. බලංගොඩ – දෙහිගස්තලාව ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කොට තිබෙන්නේ.