10169181_658350997547339_1272965098_n

April 9, 2014

මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විස්සයි විස්ස පන්දුවාර ක්‍රිකට්වලින් සමුගැනීමක් පිළිබඳ බංග්ලාදේශ මාධ්‍යයට කළ බව කියන ප්‍රකාශයකට පසුව ඒ පිළිබඳ ලංකාවේ මාධ්‍යයට යමක් ප්‍රකාශ නොකළ යුතු බවට තමන්ට ක්‍රිකට් බලධාරීන් බලපෑම් කළ බව ඊයේ දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මහේල ජයවර්ධන මහතා සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එකී චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

මෙවැනි චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයටත්, එහි ප්‍රධානියාටත් අපකීර්තිය දනවන්නක් බව ද, එසේ වුවද මින් ඉදිරියට මේ පිළිබඳ කිසිදු නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවද එකී නිවේදනයේ වැඩිදුරටත් කියා සිටියි.