10172748_10152091723013161_2254441039504588950_n

සනත් ඉවත්වෙයි/ Sanath Jayasuriya resigned

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති  සනත් ජයසූරිය මහතා පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරාගැනීමේ කමිටුවෙන් ඉවත්ව තිබේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවට සනත් ජයසූරිය ද ඇතුළුව, නිශාන්ත රණතුංග, ශම්මි ද සිල්වා, හිරන්ත පෙරේරා, ඩුෂාන් සොසා, රංජිත් ප්‍රනාන්දු හා ජයනන්ද වර්ණවීර යන අය ඇතුළත්ව තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරු සඳහා කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මාවන් අතපත්තුට අමතරව දකුණු අප්‍රිකානු, ඔස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය ජාතිකයින් 7 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

මේ අතර මිලග ජාතික පුහුණුකරු තෙරිම සදහා එම කමිටුව අද රැස්විමට නියමිතයි

Sri Lanka’s chief selector, Sanath Jayasuriya has resigned with immediate effect from the panel appointed by Sri Lanka Cricket (SLC) to select the next national coach.

Jayasuriya said that he reached to the decision due to a personal matter. He said that he has sent his letter of resignation to SLC Executive Committee President Jayantha Dharmadasa and Secretary Nishantha Ranatunga.

According to the experts, former Sri Lankan captain and current interim coach Marvan Atapattu remains optimistic that he will take over the team on a permanent basis.

Sri Lanka Cricket is scheduled to convene a meeting this afternoon to ratify the appointment of national head coach.