Cesar Cervantes, a suspected leader of the drug gang "The Resistance," gets his handcuffs adjusted during a presentation to the media in Guadalajara

වැස්‌සේ නිවසට ආ පුද්ගලයකු ඇරලවා එන්නට ගිය අට හැවිරිදි දැරියක පාළු නිවසකට රැගෙන ගොස්‌ අතවර කර ගෙල මිරිකා මරා දමා තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කාත්තන්කුඩි, මංජන්කොඩුවාය ප්‍රදේශයේ දැරියක බව පොලිසිය සඳහන් කළේය.

වැස්‌සේ නිවසට පැමිණි පුද්ගලයා ඇරලා එන්න යෑයි මව දියණිය අතට කුඩයක්‌ දී පිටත් කර ඇති අතර එම පුද්ගලයා දැරිය පාළු නිවසකට රැගෙන ගොස්‌ අතවර කර පසුව ගෙල මිරිකා මරා දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම දැරියගේ නිසල සිරුර ගෝනියක දමා සැකකරු පලා ගොස්‌ ඇත.

දැරිය ආපසු නිවසට ඒම ප්‍රමාද වීම නිසා මව සහ ඥාතීන් දැරිය සොයා යද්දී ඇගේ මළ සිරුර හමුවී තිබේ.

මෙම සැකකරු පදියතලාව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර කාත්තන්කුඩියේ පදිංචි සොහොයුරියකගේ නිවසට පැමිණ සිටියදී මෙම අපරාධය සිදුකර පලා ගොස්‌ ඇත.

සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණ ඇරඹූ කාත්තන්කුඩි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.