17374152.cms

දොළොස් හැවිරිදි සිසු දැරියක් දුෂණය කරලා!!!

වයස අවුරුදු 12 යි මාස 06 ක දැරිවියක දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේ ඒත්තාල – ආලංකුඩාව පදිංචිව සිටින දැරියක වන අතර ඇයව දුෂණය කළ බව කියන සැකකරුද එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අයෙකි.

දැරිය නිවසේ තනිව සිටි විට එහි පැමිණ ඇති සැකකරු ඇයව බිය කර දුෂණය කර ඇති බවත්,මේ සම්බන්ධයෙන් කිසිවෙකුට නොකියන ලෙස සැකකරු දැරියට තර්ජනය කර ඇති බැවින් ඇයද සිද්ධිය රහසක් බවට පත් කර ගෙන සිට ඇති බවත් වාර්තා වේ.

තම දියණියගේ ශරීරයේ ඇති වෙනස් කම් සම්බන්ධයෙන් විමසිලිමත් වී ඇති මව්පියන් විසින් කරන ලද විමසීමකදී දැරිය තමාට සිදුවූ අපරාධය හෙළි කර ඇත.

ඒ අනුව ඇයව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ විට අනාවරණය වී ඇත්තේ දැරිය මෙ වන විට ගැබිණියක බවය.

පසුව අතවරයට පත්ව ඇති දැරිය කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.