කල්පිටිය පොලිස් වසමේ කල්පිටිය පාලවිය මාර්ගයේ කුරිඤ්ඤම්පිටියේ කතොලික දේවස්ථානය ඉදිරිපිට මාරක රිය අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූ බවය.

ත්‍රීරෝද රථයක් කල්පිටියේ සිට පාලවිය දෙසට ධාවනය කර අතුරු මාර්ගයකට හැරවීමේ දී එම මාර්ගයේ ඉදිරියෙන් පැමිණි තවත් ත්‍රීරෝද රථයක අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරන් ඇතුළුව ත්‍රීරෝද රථ දෙකෙහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇත.

අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වු අතර තුවාලකරුවන් කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත මාරුකර යවා ඇත.

මියගිය පුද්ගලයා 65 හැවිරිදි මණ්ඩලකුඩාව, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුවන අවස්ථාව පිටුපසින් පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක සඳහන්ව  මෙලෙස සඳහන්ව තිබිණි.