ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 75 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ජාතියට සුබ පැතුම් එක් කර තිබෙනවා.

75 වැනි ජනරජ දින විශේෂ සැමරුම් උත්සවයට ජනාධිපති ද්‍රෞපදි මුර්මු නායකත්වය දෙනු ඇති.

මෙම විශේෂ උත්සවය රාෂ්ඨ්‍රපති භවන් හීදී පැවැත්වෙන අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වනවා.

ජනරජ දින පෙළපාලිය පෙරවරු 10.30 ට ආරම්භ වන අතර ආසන්න වශයෙන් විනාඩි 90 ක කාලයක් පැවැත්වෙන බව සඳහන්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතික යුද ස්මාරකය වෙත පැමිණීමත් සමඟ උත්සවය ආරම්භ වන අතර එහිදී ඔහු මියගිය විරුවන්ට මල් වඩමක් තබා ජාතියේ ගෞරවය දැක්වීමට නායකත්වය දෙනු ඇති.

මෙම චාරිත්‍රානුකූල උත්සවයේදී ජාතියේ ආරක්ෂක හමුදාවන්ගේ සම්භාව්‍ය සංදර්ශන, අති නවීන උපකරණවලින් සමන්විත ප්‍රබල අශ්වාරෝහක සංදර්ශන, භට කණ්ඩායම් පෙළපාළි සහ විවිධ සංස්කෘතික හා ජාතියේ විවිධත්වය තුළ එකමුතුකම ප්‍රදර්ශනය කෙරෙන විශේෂාංගවලින් සම්න්විත වන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

මෙවර පෙළපාලිය විශේෂ අමුත්තන් 13,000 ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එය සෑම තරාතිරමකම පුද්ගලයින්ට සහභාගී වීමට අවස්ථාව සලසන බව සඳහන්.