කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.

අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති බවය.

ගැටුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයකි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා ඇතැයි ද වාර්තා වේ.