මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ලබන වසරේ පෙබරවාරි දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

ඊසාන දිග මෝසම් ප්‍රවාහය නැවතත් දිවයින දෙසට ඇදී ඒම නිසා දිවයිනට කඩින් කඩ වැසි ඇතිවන අතර සුළං ප්‍රවාහය නැගෙනහිර දිසාවෙන් ජල වාෂ්ප ප්‍රවාහය වලාකුළු අතර වැඩියෙන් රැඳීම හේතුකොට ගෙන අඩු වැඩි වන වැසි සවස් කාලයේ හා අනෙකුත් ප්‍රදේශවල වැසි ප්‍රවාහයේ වෙනස්වීම් මත සිදුවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්ව ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (දෙසැ. 11) ප.ව. 1:00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

ඒ අනුව බදුල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ නිවේදන නිකුත් කර ඇත.