ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව සඳහන් ය.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටුවීය. ඊට ප්‍රධාන වශයෙන් හේතුවූයේ මෙරට විදේශ විනිමිය සංචිත වාර්තාගත ලෙස පහළයෑමය.