2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස අද (11) ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතයි.

ඒ, පූනේහි දී ය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් ගේ නායකත්වය යටතේ පිටියට පිවිසීමට නියමිත අතර, බංග්ලාදේශ කණ්ඩායම නජ්මුල් හුසේන් ශන්ටෝ ගේ නායකත්වයෙන් තරග වදිනු ඇත.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග තුනකම ජය ඔස්ට්‍රේලියාව හිමි කරගෙන ඇති අතර, තරග දෙකක් ජය පරාජයෙන් තොර ව නිමා වී තිබේ.