අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු ඉහළ යන ආකාරය පහතින් දැක්වේ.

ඒකක 0 – 30 – රු.150 සිට රු. 180

ඒකක 31 – 60 – රු. 300 සිට රු. 360

ඒකක 61 – 90 – රු. 400 සිට රු. 480

ඒකක 91 – 120 – රු. 1,000 සිට රු. 1,180

ඒකක 121 – 180 – රු. 1,500 සිට රු. 1,770

ඒකක 180 කට වැඩි – රු. 2000 සිට රු. 2,360ක් දක්වා ඉහළ යනු ඇත.