ඔස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයේදී ලිංගික අපයෝජන චෝදනාවට වරදකරු නොවන බවට තීන්දු වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (ඔක්. 3) දින රාත්‍රී දිවයින වෙත පැමිණ තිබේ.

ඔහු සමග සුදු ජාතික තරුණියක සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ ඇත.

ඔවුන් ඊයේ රාත්‍රී 10.55ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූඑල්- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි .

ගුවන් තොටුපොළේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක;

“මෙම මාස එකොළහක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාට ම ස්තුතිය පිරිනමන” බව පැවසීය .

එසේ ම මෙම කාලය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන් ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව ද ඔහු පැවසීය.

තව ද තමන් ඉතා ඉක්මනින් ක්‍රිකට් පුහුණු වීම්වල නිරත වීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.