මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ.

කුමාර් සංගක්කාර 2021 වසරේ එම ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

ඒ අනුව, සෞරව් ගංගුලි, සෞරව් ගංගුලි, හෙදර් නයිට්, ජස්ටින් ලැන්ගර්, ඉයෝන් මෝගන් මෙන්ම ග්‍රේම් ස්මිත් වැනි අනෙකුත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස වසර හයක් සේවය කළ හිටපු එංගලන්ත නායක මයික් ගැටිං වෙනුවට සංගක්කාර එම ධූරය සඳහා පත් කර ඇත.

එමෙන් ම, මාර්ක් නිකලස් සමාජයේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.