අසල්වැසි ඉන්දියාවට ඊයේ දවස විශේෂ සහ ඓතිහාසික දවසක් බවට පත් වුණා.

ඒ ඉන්දීය චන්ද්‍ර ගවේෂණ යානය චන්ද්‍රයාන් – 3 වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කළ ආකාරයට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බස්වාලීමට හැකියාව ලැබුණු නිසාවෙන්.

එලෙස ඔවුන් ලද සාර්ථකත්වය ජාතියක් ලෙස ඔවුන් ලද විශාල ජයග්‍රහණයක් ද වනවා.

ඒ අනුව ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සුමට ගොඩබැස්මක් කළ පළමු ‍වැනි රට බවට පත්වෙනවා. ඒ වගේම සඳ මතට සුමට ගොඩබැස්මක් කළ සිව් වැනි රට බවට ද ඉන්දියාව නිරායාසයෙන් ම පත් වුණා. ⁣

ලොව සිව්දෙසින් ඊට ගලා එන සුබපැතුම් අතර ජනප්‍රිය බොලිවුඩ් තරු රැසක් ද ඔවුන්ගේ සතුට සමාජ මාධ්‍යගත කර තිබුණා.