2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්  ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා.

තව්හිද් රිඩෝයි පන්දු 39 ලකුණු 54 යි.

දුනිත් වෙල්ලාලගේ පන්දු 23 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 04 කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදි ලකුණු 58 ක් රැස්කල ද එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

චාමික කරුණාරත්න පන්දු 15 කදි ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේදී හාඩස් විල්ජොඑන් ලකුණු 31 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත් වුණා.

විජය කාන්ත් වියස්කාන්ත් ලකුණු 17 කට කඩුළු 02 ක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි. 

මේ අතර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 02 ක් අද පැවැත්වෙනවා.

ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතර තරගය පස්වරු 03 ට ආරම්භවීමට නියමිතයි. 

බී ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.

එම තරග 02 ම පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.