වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 බවට පත් කිරීමෙන් පසු ඉකුත් 30 වන දා වන විට වයස අවුරුදු 63ක් වන වෛද්‍යවරුන් රැසක් තවමත් රෝහල් රැසක සේවයේ නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ඔවුන් සේවය කරන්නේ ඒ ඔවුන් සේවයේ යෙදවීම සඳහා වන නිසි ක්‍රමවේදයකින් තොරව බව පැවසේ.

ඊයේ දවස තුළ කුරුණෑගල රෝහලේ එවැනි විශ්‍රාමික වෛද්‍යවරුන් තිදෙනෙකු සේවය කර ඇති අතර හෝමාගම රෝහලේ ද එක් වෛද්‍යවරයෙකු සේවය කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරුන් මෙසේ සේවය සඳහා පැමිණෙන්නේ සේවා සැපැයීමේ කිසිදු කොන්දේසියක් හෝ බැඳීමක් ඇතිව ද යන්න ගැන පැහැදිලි නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ජාතික රෝහලේ සේවය කළ මේ වනවිට වයස 63 සම්පූර්ණව සේවයෙන් විශ්‍රාම ගිය වෛද්‍යවරුන්ට සේවයට පැමිණෙන්නැයි බලධාරීන් ඉල්ලීම් කර ඇති නමුත් ඔවුන් සේවයට පැමිණ නැති බවත් එම රෝහල් ආරංචි මාර්ග පවසයි.