නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (ජූනි 7) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

මේ අතර, ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ද ජූනි 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.