කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සෙසු සැකකරුවන් තිදෙනා මැයි මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුර හමුව තිබුණේ මැයි 06 වැනිදා රාත්‍රියේය.