ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි.

මනෝ බාලා මහතා චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ.

අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියේය.