මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ වන විට උද්ගතව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර ඊයේ (අප්‍රේල් 19) පැවසුවා ය.

මෙරට තුළ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදු වීමට මූලික හේතුව වන්නේ මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීම නිසා බව ද ඇය කීවා ය.

විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයන්, මැණික් ව්‍යාපාරිකයන් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයන්ගෙන් මැලේරියා රෝගය මෙරටට පැමිණෙනු ඇති බව වෛද්‍යවරිය සඳහන් කළා ය.

මැලේරියා රෝගීන් ලක්ෂ 6ක පිරිසක් පසුගිය කාලසීමාවේදී ආසියාව තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව ත් මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37 දෙනෙකු හඳුනාගෙන ඇති බව ත් ඇය කීවා ය.

මේ තත්ත්වයන් හේතුවෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව ද ඇය පැවසුවා ය.