හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
  
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 1000කින් හෝ ඊට වඩා වැඩි මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.
 
නව ගෑස් මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.