ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 83 හැවිරිදි වියේ පසුවූවා. 
 
1940 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා මීපලාවල ග්‍රාමයේ උපත ලැබූ එතුමා මහනුවර ධර්මරාජ විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වනවා.

සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “හන්තාන කතාව” චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තැබූ අමරසිරි කලංසූරිය මෙරට සිනමා කේෂ්ත්‍රයේ දක්ෂ නළුවෙකු ලෙස සිය රංගන කුසලතා පිළිඹිඹු කරනු ලැබුවා.

හන්තාන කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, අපේක්ෂා, සාගරයක් මැද, යස ඉසුරු, සක්විති සුවය, පොඩි විජේ, දොළොස්මහේ පහන ඇතුළු චිත්‍රපට රැසකට අමරසිරි කලංසූරිය සිය රංගන කුසලතාවය එක් කරනු ලැබුවා.

කලක් රෝගාතුරව සිටි අමරසිරි කලංසූරිය මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.