පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (පෙබ. 28) මැතිවරණ කොමිසම හමුවට යාමට තීරණය කර තිබේ.

අද පෙරවරු 9.30ට අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිඥ සුනිල් වටගල, වෛද්‍ය නිහාල් අබේසිංහ මේ සඳහා සහභාගි වෙති.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සහ නැවත දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ කවදාද යන්න ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසය.

එමෙන් ම මැතිවරණය කල් දැමීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳව කොමිසම ගන්නා තීරණය කුමක් ද යන්න විමසීමට ද සූදානම් බව ඔහු පැවසීය.