විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (පෙබ. 17) නියෝග කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ ඇත.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.