දිළිඳු පවුල්වල පුද්ගලයින්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක් තුළදී එම සැකකරු මෙම ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු රෝහල් සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරමේ නිරතවී තිබෙනවා.

කොළඹ 12 ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක් පවත්වාගෙන යන 32 හැවිරිදි සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පලායාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.