ලිට්‍රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 5,280ක් දක්වා ඉහළ ගොස් ඇත.

කිලෝග්‍රෑම් පහේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 8කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට අමතරව කිලෝග්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වූයේ 845ක් ලෙස ය.

මෙම මිල සංශෝධනය අද (පෙබ. 6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.