විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

එම රැස්වීමෙන් අනතුරුව සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව ලබා ගමන් කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මෙලෙස අමාත්‍යධුර හිමවනු ඇත.