අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක් මිල රු. 15කින් ඉහළ දමා ඇත. ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු. 430ක් වේ.

මේ අතර භූමිතෙල් ලීටරයක් රු. 25කින් ඉහල දමා ඇත. භූමිතෙල් ලීටරයක නව මිල රු. 365ක් වේ.

සෙසු ඉන්ධන වල මිල ගණන් වෙනස් නොවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.

මේ අතර ලංකා IOC ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් ​​රුපියල් 15 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 430ක් වේ.  ඩීසල් (Xtramile) ලීටරයක් ​​රුපියල් 15 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 475 කි.