රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7.30ටයි.

අනෙක් තරගය ඕස්ටේ්‍රලියා සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතයි. 
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවයි. බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිව තිබෙනවා.

මෙතෙක් සහභාගී වූ තරග තුනම ජයගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පසුවන්නේ තුන්වන ස්ථානයේයි. එම ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයේ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම පසුවනවා.