බ්‍රිතාන්‍යයේ මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ.

බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ඇය එරට වේලාවෙන් අද (සැප්.8) දහවල් බැල්මොරල්හිදී අභාවප්‍රාප්ත වූ බව ය.

මිය යන විට ඇය 96 වන වියේ පසු වූවා ය.

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රාජකීය වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇති බවට අද පස්වරුවේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් රැජිණ වසර 70ක පාලන කාලයකට උරුමකම් කීවා ය.

1952 වසරේදී ඇය බ්‍රිතාන්‍ය මහ රැජිණ ලෙස පත් වූවා ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇයගේ අභාවයත් සමග ඇගේ වැඩිමහල් පුත්‍රයා, හිටපු වේල්ස් කුමරු වන චාල්ස්, රජු සහ රාජ්‍ය නායකයා ලෙස රට මෙහෙයවනු ඇති බව ය.