සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශව කිහිපයක් සමග අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. 

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමඵ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකගතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරයා ඊයේ දිනයේ ද සාකච්ඡා වට කිහිපයකට එක්වුණා.  

පළමු වටයේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. දෙවෙනි වටයේ සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසය මෙන්ම තෙවන වටයේ සාකච්ඡාවට ජාතික කොංග්‍රසය ද එක්ව තිබෙනවා.