මාර්තු 17 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්චේදයක් එක්කළ සුවිශේෂී දිනයක්.

මේ අතර 96 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයක් සඳහායි.

වසර 25 ක් සපිරෙන 96 ක්‍රිකට් විජයග්‍රහණයට උර දුන් ක්‍රීඩකයින් සඳහා මෙහිදී තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරෙන අතර එම සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි නියමිතයි. 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වසර 25 ක් පුරා නොලැබුනු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ තිබෙන සමරු පදක්කම් අද දිනයේදී එම ක්‍රිකට් විරුවන් වෙත ප්‍රදානය කිරීමට ද නියමිතයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විදෙස්ගතව ශ්‍රී ලංකාවට පැමිණ මේදිනවල නිරෝධායනයට වන බැවින් ඔහු මෙම උත්සවය සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීමට නියමිතව තිබෙනවා.